News

රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන

රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පත්කර තිබෙනවා. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර...

රාජ්‍ය අංශයේ නව පත්වීම් කිහිපයක් ප්‍රකාශ කරයි

රාජ්‍ය ආයතන කිහිපයකට සිදුකල නව පත්වීම් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩී.ආර්.එස්.හපුආරච්චි පත් කර තිබෙනවා. මහා...

”ජෙනරේටර් හා උපකරණවල ඉන්ධන අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න” – බලශක්ති අමාත්‍යංශය

විදුලිජනක යන්ත්‍ර හා ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි වී, සතිපතා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය දන්වා සිටින ලෙස බලශක්ති...

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන දෙන්නේ තෝරාගත් එක් පිරවුම්හලකින් පමණයි

සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ට ජූලි 31 දිනට පෙර තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී, තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා එක් පිරවුම්හලක් නම්...

”ළඟදීම විපක්ෂයේ පෙරමුණක් පිහිටවනවා” – වාසුදේව නානායක්කාර

ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනා ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. තමන්ට මේ ආණ්ඩුව සමඟ...

අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ වෙන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනයට අනුව යම් අමාත්‍යවරයෙකුට නිශ්චිතව පැවරීමක් සිදු කර නොමැති සියලු...

මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය වෙයි

රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ...

”අපි වෙනුවෙන් කිසිම Twitter පණිවිඩයක් නෑ” – විමලවීර දිසානායක

මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඊට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු Twitter පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුවත්...

ජනාධිපති මාධ්‍ය අංශයට නව මාධ්‍ය ප්‍රධානීන්

ධනුෂ්ක රාමනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙනවා. ඔහු මහරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම කලක පටන් මාධ්‍ය වෘත්තියේ නියැලෙන්නෙක්. ජනමාධ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්කර ඇත්තේ...

”අල්ලස් ඉල්ලා සිටින බවට කරන චෝදනා පදනම් විරහිතයි” – සීමාසහිත ජපන් තායිසේ කෝපරේෂන් සමාගම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත සීමාසහිත ජපන් තායිසේ කෝපරේෂන් සමාගමෙන් අල්ලසක් ඉල්ලා සිටින බවට කරන චෝදනා පදනම් විරහිත...

ජනපතිට කාලය දිය යුතුයි

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන්...

පොල්දූවේදී පැහැරගත් T56 සොයාගනියි

ජුලි 13 වනදා පොල්දූව හන්දිය අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසින් පැහැරගන්නා ලද T56 වර්ගයේ ගිනි අවිය සොයාගෙන තිබෙනවා. ඒ අනුව රාජගිරිය සමනල පාලම අසල දියවන්නා...

Recent articles