”අපි වෙනුවෙන් කිසිම Twitter පණිවිඩයක් නෑ” – විමලවීර දිසානායක

මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඊට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු Twitter පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුවත් පෙන්වා දිය යැයි හිටපු අමාත්‍ය, පොහොට්ටුවේ මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා.

ගෙවල් ගිනි තැබීමෙන් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණු බවත් තමාද එසේ මහමගට වැටුණු පුද්ගලයකු බවයි ඔහු කියන්නේ.

හැට නව ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හා තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිතව අගමැති තනතුරට පත් වූ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමෙන් රට සුරපුරයක් වනු ඇතැයි මහපාරට බැස අරගල කළ පුද්ගලයන් බලාපොරොත්තු වූවෙයි ඔහු විමසනවා. එසේ වූයේ නම් මේ වනවිට මල් පිපී, ගොයම් පැසී, රටට කිරි ඉතිරීම් ආරම්භ වී තිබිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන තමාට ප්‍රශ්නයක් ඇතැයි පැවසූ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ එවැනි පිරිස් මේ අය මේ රට ගෙනියන්න හදන්නේ කොතැනට දැයි සිහි බුද්ධිය ඇති සියලු දෙනා හොඳින් දන්නා බවයි.

POPULAR

Recent articles