”අල්ලස් ඉල්ලා සිටින බවට කරන චෝදනා පදනම් විරහිතයි” – සීමාසහිත ජපන් තායිසේ කෝපරේෂන් සමාගම

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත සීමාසහිත ජපන් තායිසේ කෝපරේෂන් සමාගමෙන් අල්ලසක් ඉල්ලා සිටින බවට කරන චෝදනා පදනම් විරහිත බව එහි ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී මස්කටෝ සැටෝ (Maskato Sato) පවසනවා.

නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා විෂය බාර අමාත්‍යවරයාව සිටිය දී මෙම අල්ලස් චෝදනාව එල්ල කළේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනුයි.

ඇමරිකානු ඩොලර් මිලියන 570 ක ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් යටතේ BIA හි ටර්මිනල් – 2 ඉදිකිරීම් කටයුතු සඳහා ගිවිසුම්ගත ගැටලු විසඳීමට අදාළව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වනවිටත් පැවැත්වෙනවා.

ඒ හේතුවෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වුණා. සාමාන්‍යාධිකාරී මස්කටෝ සැටෝ කියන්නේ නිමල් සිරිපාල ද සිල්වා තම සමාගමෙන් කිසි දිනෙක අල්ලස් නොඉල්ලූ බවයි. ජයිකා ආයතනය ආයෝජකයෙකු ලෙස ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන බවත්, මෙම ප්‍රයත්නයට ජපාන රජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා. අරමුදල් අත්හිටුවීමට හෝ ව්‍යාපෘතිය දිගටම කරගෙන යාමට ජයිකා ආයතනය තීරණය කළ යුතු නමුත් එවැනි තීරණයක් නොතිබූ බවයි ඔහු කියන්නේ.

POPULAR

Recent articles