ජනපතිට කාලය දිය යුතුයි

දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියන් පවසනවා.

විරෝධතා පවත්වමින් පාලකයින් පලවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පවසා සිටිනවා.

ජනාධිපතිවරයා සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම උන්වහන්සේ පෙන්වා දුන්නේ රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය බාරගෙන තිබෙන බවයි.

POPULAR

Recent articles