රාජ්‍ය අංශයේ නව පත්වීම් කිහිපයක් ප්‍රකාශ කරයි

රාජ්‍ය ආයතන කිහිපයකට සිදුකල නව පත්වීම් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඩී.ආර්.එස්.හපුආරච්චි පත් කර තිබෙනවා.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස ඩබ්ලිව් ඒ සත්කුමාර පත් කර ඇති අතර පී.බී.එස්.සී. නෝනිස් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබෙනවා.

එමෙන්ම තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජූඩ් නිලූෂන් පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද පත්වීම් සඳහා අනුමැතිය හිමිව ඇත්තේ ඊයේ (25) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී යි.

POPULAR

Recent articles