”ළඟදීම විපක්ෂයේ පෙරමුණක් පිහිටවනවා” – වාසුදේව නානායක්කාර

ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනා ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. තමන්ට මේ ආණ්ඩුව සමඟ ගමනක් නැතැයිද ඔහු සඳහන් කරනවා.

ආණ්ඩුවේ ඇතැම් තනතුරු සඳහා විපක්ෂයේ ඇතැමුන් ට ආරාධනා කර ඇතත් තම පක්ෂවලට එසේ ආරාධනා ලැබී නැති බවයි නානායකකාර මන්ත්‍රීවරයා කියන්නේ. එසේ තනතුරු ලැබුණත් ආණ්ඩුවේ තනතුරු බාර නොගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වන්නැයි කාන්තාවක් දුරකතන ඇමතුමක් ලබාදුන් බව පැවසූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා තමා විපක්ෂයේ සිටින හෙයින් ඒ රැස්වීමට සහභාගී නොවන බව පැවසුවේයැයි සඳහන් කරනවා.

POPULAR

Recent articles