ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන දෙන්නේ තෝරාගත් එක් පිරවුම්හලකින් පමණයි

සියලුම ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ට ජූලි 31 දිනට පෙර තම ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි වී, තම ත්‍රීරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා එක් පිරවුම්හලක් නම් කරන ලෙස බලශක්ති අමාත්‍යංශය දන්වා සිටිනවා.

අගෝස්තු 01 වනදා සිට ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ එසේ ලියාපදිංචි වී, තමන් තෝරාගන්නා ලද නිශ්චිත ඉන්ධන පිරවුම්හලෙන් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles