”විපක්ෂයේ අරමුණ රට බංකොලොත් කිරීමයි” – රෝහිත අබේගුණවර්ධන

ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අද (06) කොළඹ දී පැවසුවා.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම ඉටු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළත් විපක්ෂයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා.

ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන්නේ නම් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද හිටපු අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

රට ආර්ථිකව වැටී ඇති බව ආණ්ඩුව පිළිගන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස පමණක් බලා නොසිට රට නැගිටුවීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේ වුවද රට ආර්ථික වශයෙන් ඉතාම ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

POPULAR

Recent articles