වැඩි මිලට හොර පාරේ යන්න ගිය ඩීසල් බවුසරයක් සමඟ පුද්ගලයින් 04ක් අත්අඩංගුවට

ඩීසල් ලීටර් 6,600ක බවුසරයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකළ බවයි.

ඩීසල් තොගය වැඩි මිලට අලෙවි කරන බවට ලද තොරතුරු මත කළ විමසීමට අනුව මීගොඩ පොලීසියේ උපාය දූතයෙකු මඟින් ඩීසල් ලීටරයක් රුපියල් 900කට මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ තිබෙනවා.

පසුව මීගොඩ වැටරැක ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට බව පවසමින් අදාළ බවුසරය එම ප්‍රදේශයට ගෙන්වාගෙන එම ගණුදෙනුවට මූලිකත්වය ගත් තැරැව්කරුවන් දෙදෙනා, බවුසරයේ රියදුරු හා එහි සහයක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියා සිටිනවා.

POPULAR

Recent articles