“මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්නේ නෑ” – කංචන විජේසේකර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ‘සහනදායී මිලට’ ඉන්ධන ලබාදී ඇති බවට හුවමාරු වන වාර්තා අසත්‍ය බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ. දැනට පොදුවේ ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට කිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අතර නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස බව තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එහෙත් රටපුටා දැඩි ඉන්ධන හිඟයක් පවතිද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරහේන්පිට ඇති පොලිස් ගරාජයේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඔහු කිසිවක් පවසා තිබුණේ නැහැ.

POPULAR

Recent articles