”අපි මුදලට විකිණෙන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

පවතින ආණ්ඩුව රාජපක්ෂවරුන් යලිත් මෙරට දේශපාලනයට ගෙන ඒම සඳහා උත්සහ දරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා කියන්නේ රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් සුරක්ෂිත කිරීමේ වගකීම මේ ආණ්ඩුව භාරගෙන ඇති බවයි.

“ඉදිරියේ දී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. අනාගතයේ දී නොමඟ ගිය සමහර යූඑන්පී මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ගන්න වෙන්නේ ජනාධිපතිතුමා ළඟට ගිහින් නැත්නම් පොහොට්ටුවේ කපුටා ළඟට ගිහින්. අද කපුටා තමයි ඇමති ලැයිස්තු එවන්නේ ජනාධිපතිට පත්කරන්න කියලා. රාජ්‍ය ඇමති ලැයිස්තුව එවන්නේ ජනාධිපතිට පත්කරන්න කියලා. අද කපුටා තමයි නියෝජ්‍ය අමාත්‍යධුරවලට ලැයිස්තුව එවන්නේ. ඒ නිසා ජනාධිපතිවරයාටත් සිදුවෙලා තියෙනවා අංග සම්පුර්ණ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්වෙන්න.

පොහොට්ටුවේ 134 දෙනෙකුගෙන් ජනාධිපති වුණාම පොහොට්ටුවේ පදයට නටන්න වෙනවා. ඒ නිසා තමයි අගමැති කැරට් අලය දික්කරන කොට අපි කිව්වේ ඕන දෙයක් භාරගන්න ඉස්සෙල්ලා ඔබතුමා යන්න කියලා. දැන් මේ සිද්ධවෙන්නේ රජමැඳුරුවල සිදුවන කුමන්ත්‍රණ. මේවට එක එක අතකොළු සම්බන්ධ කරගන්නවා. පිටරට අතකොළුත් ඉන්නවා. ලොකුවට මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා. හැබැයි සමගි ජන බලවේගයේ අපි කවුරුත් මුදලට වරප්‍රසාදවලට තමන්ගේ ආත්මය විකුණන්නේ නෑ” යි ඔහු සඳහන් කරනවා.

POPULAR

Recent articles