ඉන්ධන පෝලිමක තවත් මරණයක්

පානදුර, වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා පෝලීමේ රැඳී සිටියදී මෙලෙස රෝගීවී ඇති අතර පසුව පානදුර රෝහල වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඇත්තේ 53 හැවිරිදි හිරණ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වනවා.

POPULAR

Recent articles