“රටේ ප්‍රශ්න කතා කරන්න ආණ්ඩුව තුළ වේදිකාවක් නෑ” – මෛත්‍රීපාල සිරිසේන

ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ හා ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නැති නිසා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ආණ්ඩුවේම පක්‍ෂ 11ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනකු වෙනම වේදිකාවකට ගොඩවීම ආණ්ඩුවට හොඳ දෙයක් නොවන බවත්, තමන් මෙතැනට වැට්ටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතු බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

රටේ ජනතාව වර්තමානයේ මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීමේදී ආණ්ඩුව නම්‍යශීලී හා නිහතමානී විය යුතු බව කී හිටපු ජනාධිපතිවරයා ගතවූ වසර දෙකේදීම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවාදයක්, සාකච්ඡාවක් කිරීමට අවස්ථාවක් ලැබී නැතැයි ද පෙන්වා දුන්නා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රටෙහි පවතින වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී ඊයේ (02) පස්වරුවේ පැවති උත්සවයට එක්වෙමිනුයි.

POPULAR

Recent articles