”රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන්න” – පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කඩිනම් කරන ලෙස පොහොට්ටු පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇති වාර්තා වෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඒ බව පවසා තිබෙනවා. සියලු පක්ෂ ඇතුළත් කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂය ජනාධිපතිවරයාට කාලය ලබාදෙන බවයි ඔහු කියා ඇත්තේ.

එහෙත්, සියලු පක්ෂ ආණ්ඩුව යථාර්ථවාදී නොවන්නේ නම් හැකි ඉක්මනින් නව කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බව ඔහු පවසනවා.

POPULAR

Recent articles