බත් වෙනුවට බටකොළ කන්න වෙයිද ? | A5 ආර්ථික විවරණය | 08.11.2020

බත් වෙනුවට බටකොළ කන්න වෙයිද ? | A5 ආර්ථික විවරණය

කොවිඩ් පළමු රැල්ලෙන් අප යම් සාර්ථකත්වයක් ලැබුවද අප සිතා සිටියත් එය එසේ නොවන බව කොවිඩ් දෙවන රැල්ල විසින් මේ වන විට අපට පසක්කර දෙමින් සිටියි. දෙනිකව වාර්තා වන ආසාදිතයින් ගණන අසාමාන්‍ය ලෙස ඉහළ යද්දී එක් දිනක් තුළ මරණ පහක් වාර්තා වන මට්ටමකට අප ඇදවැටී සිටීම මේ වන විට අප මුහුණ දී සිටින තත්වයෙහි බරපතලකම මොනවට විදහා දක්වයි. මරණයට පත්වන රෝගීන් අතරිනුත් සැලකිය යුතු පිරිසක් නිවාස තුළ ම මියයාමත්, මියයාමෙන් අනතුරුව ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව සොයාගැනීමත් සුළුවට ගත හැකි කරුණු නොවේ. මේ සියළු කරුණු අපට නැවත නැවතත් පසක් කරවන්නේ එළැබෙන වසර වන විට අපට ඉතාමත් දුෂ්කර මෙන් ම තීරණාත්මක කාලපරිච්ඡේදයකට මුහුණැ පෑමට සිදුවනු ඇති බවයි.

මෙවන් තත්වයක් තුළ ඉදිරි වසරේ දී රජයේ අයවැයෙන් මෙම අර්බුධයට මුහුණ දීම සඳහා වෙන්කර ඇති මුදල කොපමණ ද ?

08.11.2020
#A5_REVIEW
#A5_CHANNEL_SL

POPULAR

Recent articles