ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා.

මෙලෙස නව බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ රජයේ බඳවාගැනීම් තහනම් කර තිබියදී වීම සැලකිය යුතු කරුණක් වනවා.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ අමාත්‍යවරයාට හා සභාපතිවරියට හිතවත් 40ක පමණ පිරිසකට රැකියා ලබාදීමේ අරමුණින් මෙලෙස සම්මුඛ පරීෂණ පවත්වන බවයි.

පොල් සංවර්ධන මණ්ඩලයේ ශාඛාවන්ගේ සේවයේ නියුතු ස්ථිර නොවූ සේවකයින් මෙලෙස සම්මුඛ පරීෂණ සඳහා කැඳවා ඇති අතර අදාළ හිතවත් පුද්ගලයින්ද ඒ අතරතුර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බව වාර්තා වනවා.

කෙසේ වුවද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ මෙලෙස සම්මුඛ පරීෂණ පවත්වන්නේ දැනට නොපවතින තනතුරු සඳහා බවද එම ආරංචිමාර්ග සඳහන් කරනවා.

POPULAR

Recent articles