2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2026 වසරේදී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.

ඒ අනුව එම වසරේ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව එකතුව සංවිධානය කිරීමට නියමිතයි.

2023 – 2027 වසර 05 සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත්කළ තරඟ සටහනෙහි ඒ බව සඳහන් වනවා.

එමෙන්ම 2024දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල හා ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතයි.

POPULAR

Recent articles