හිටගෙන යන මගීන්ට වෙනම බස් ගාස්තුවක්

බස් මගීන් සඳහා ඉදිරියේදී අලුත්ම ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ එළඹෙන සතිය තුළ බස් රථවල හිටගෙන යන මගීන් සඳහා හිටගෙන යාමේ ගාස්තුව හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආසන ගත ක්‍රමයට මේ වන විට මගීන් ගෙනයාම සඳහා අවසර ලබාදී ඇති අතර ඇතැම් බස්රථ විසින් එම නීතිය කඩ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

POPULAR

Recent articles