මනුෂ නානායක්කාර ජපානයෙන් රැකියා අවස්ථා ඉල්ලයි

ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotaraගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසටයි අමාත්‍යවරයා ජපාන නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත්තේ.

ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසනවා.

POPULAR

Recent articles