”සර්වපාක්ෂික ආණ්ඩුව රඟපෑමක් වගේ, මහ පොළොවේ ඒවා නෑ” – උදය ගම්මන්පිල

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන සර්වපාක්ෂික ආණ්ඩු සංකල්පයෙන් බැහැරව එකිනෙකා ඇමති ධුර බෙදාගැනීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවයි පොහොට්ටුවේ මන්ත්‍රී උදය ගම්මන්පිල කියන්නේ.

“අපි ගෝඨාභය ජනාධිපතිතුමාට සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහිකළ යුතුයි කියන සංකල්පය ඉදිරිපත් කරලා මේ වනවිට මාස 4කට වැඩියි. අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඊට කලින් මාර්තු 2 වනදා මුළු රටම හරි මඟට කියලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න අපේ විසඳුම් යෝජනාවලියක් ජනගත කරා. නමුත් දැන් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා වෙනුවට යන්නේ කේවල් කිරීම්වලට. ඔයාලට ඇමති ධුර කීයක් ඕනේ ද, අහවල් එක දුන්නොත් කොහොම ද කියලයි දැන් කතා කරන්නේ. මං හිතන්නේ ඇමතිකම්, තනතුරු බෙදාගැනීම්, කේවල් කිරීම් වගේ පහත් තැනින් උඩට ඇවිල්ලා මේ රටේ තියෙන අර්බුදය ගැන හිතලා වැඩපිළිවෙල මොකද්ද කියන එකට සියලුදෙනාගේ අවධානය යොමු වෙන්න ඕනේ. තාමත් මම නම් දකින්නේ බලඅරගලය මිසක් සාමුහිකව මේ රට නරාවළෙන් ගොඩ ගන්න ඕනේ කියන හැඟීමවත් අපේ රටේ දේශපාලන නායකයන්ට ඇවිල්ලා නෑ. ඉතාම අවාසනාවන්තයි.

තාම සිහිනයයි යථාර්ථයයි මැද දෝලනය වෙමින් පවතින්නේ. හැබැයි ජනාධිපති පාර්ලිමේන්තුව අමතන වේලාවේ සර්වපාක්ෂික සේයාවක් පෙනුනා. ජනාධිපතිතුමාගේ සමහර කතාවලට ආණ්ඩුවෙන් අත්පොළසන් ආවා. සමහර ඒවට විපක්ෂයෙන් ආවා. මට නිකන් දැනුනා සර්වපාක්ෂික වැඩේ හරි වගේද කියලා. හැබැයි ඒවා රඟපෑම් වගේ පේන්නේ මහ පොළොවේ ඒවා නෑ” යි මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles