ඉන්ධන හිඟයකට යන තවත් පාරක්

ඉන්ධන මිලදීගැනීමේදී චෙක්පත් හරහා මුදල් ගෙවීම අත්හිටුවීමත් සමග ඉන්ධන ඇනවුම් අඩුවී ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය සභාපති කුමාර රාජපක්ෂ පවසනවා. ඔහු පවසන්නේ මේ හේතුවෙන් බොහෝ ඉන්ධනහල්වල මේ වනවිටත් ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

බවුසර් රථ ධාවනය සඳහා තෙල් ලබාගැනීමට තවමත් නිසි ක්‍රමවේදයක් සකස්කර නොමැති බවද ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ අවට මෙන්ම ඉන් පිටතත් පිරවුම්හල් රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අතර බොහෝ සිපෙට්කෝ පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසාදමා තිබෙනවා.

බස් රථ ධාවනයේ ද ඊයේ(30) දිනයේ යම් අඩුවක් දක්නට ලැබුණු අතර බස් රියදුරන් පවසන්නේ නොකඩවා ධාවනය කිරීමට ප්‍රමාණවත් තරම් ඉන්ධන තවමත් තමන්ට නොලැබෙන බවයි.

POPULAR

Recent articles