එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපතිගෙන් රනිල් වික්‍රමසිංහට ඇමතුමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් (Sheikh Mohamed bin Zayed Al Nahyan) ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පළ කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමිනුයි.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති එච්.එච්. ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් දුරකථන ඇමතුමකින්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතූ අතර, ශ්‍රී ලංකාව ස්ථාවරත්වය හා සාමය කරා ගෙනයාමට සහ එය සිදුවෙමින් පවතින තත්ත්වයන් ජය ගැනීමට ඔහුට ප්‍රාර්ථනා කළේය. නායකයින් දෙදෙනා සබඳතා වැඩිදියුණු කර ගැනීමේ මාර්ග හා අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු ද සාකච්ඡා කළහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

POPULAR

Recent articles