”හදිසි නීතිය දැම්මට තෙල් එන්නේ නැහැ” – ඩිලාන් පෙරේරා

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කිසිවෙකුටත් පවත්නා තත්වය මැඩ පවත්වන්න අවශ්‍යනම් දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවයි පොහොට්ටුවේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියන්නේ. එම ආණ්ඩුවේ කිසිවෙකුටත් හදිසි නීතියට පක්ෂ විය නොහැකි බව ඔහු පවසනවා.

පසුගිය මැයි නම වෙනිදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට්වීට් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ගෝල්ෆේස් වෙත එල්ල කළ ප්‍රහාරය හෙලා දකින බවයි. හදිසි නීතිය පාවිච්චි කරමින් ‘ගෝඨාගෝගම’ ට එරෙහිව ක්‍රියාමාර්ග ගතහොත් තමන් ආණ්ඩුවට ලබාදෙන සහය නතර කරන බව ඔහු විසින් පැවසූ බවයි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කියන්නේ. ජනාධිපති වීමට පෙර විපක්ෂයේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට ඔහුම ජනාධිපති වූ වහාම මහ රෑ ගෝල්ෆේස් හි නිදා සිටි අරගලකරුවන්ට වටකර පහර දීමට හදිසි නීතිය යොදා ගත් බවයි මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති ලෙස රටේ ජනතාවට වගකීමේ අවශ්‍යතාවයක් නැති බව පවසන මන්ත්‍රීවරයා කියන්නේ ඔහුට ලැබුණේ 134 දෙනෙකුගේ ඡන්දයක් පමණක් බවයි. පොහොට්ටුවේ විධායක සභාවවත් ආණ්ඩු පක්ෂ කණ්ඩායමවත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා ජනාධිපති කිරීමට ඡන්දය දෙන්න තීරණයක් නොගත් බවයි ඔහු පවසන්නේ.

“අපි පැහැදිලිව කියනවා ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධ යි. හැබැයි හදිසි නීතිය දැම්මට තෙල් එන්නේ නැහැ. ගෑස් එන්නේ නැහැ. පෝලිම් අඩු වෙන්නේ නැහැ. දැන් අහන ප්‍රශ්නය තමයි ජාත්‍යන්තරයේ මතුවන ප්‍රශ්නය. ඒක තමයි අරගලය. ඒක තමයි අර්බුදය” යි ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටිනවා. ඔහු බව පැවසුවේ අද (28) කොළඹ දී පවතී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා ප්‍රමුඛ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අමතමින්.

POPULAR

Recent articles