දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට අගමැතිගෙන් ආරක්ෂක අංශවලට නියෝග

අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇති අතර ඒ සමඟම මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවා තිබෙනවා. ඔහු විසින් මේ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි කියන්නේ.

කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා. එමෙන්ම කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ප්‍රවාහන කරන රථවාහන අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ වෙත බලය පවරා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

POPULAR

Recent articles