සෝමාලියාවට ගිය ධිවරයින් ආපසු එන්න පතති !

සෝමාලියාවට ගිය ධිවරයින් ආපසු එන්න පතති !

ධීවර රැකියාව සඳහා මෙරටින් සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවර පුද්ගලයින් දහතුන් දෙනෙකු නැවත ගෙන්වා ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා .

එරට ඇති වී තිබෙන කොරෝනා උවදුරත් සමඟ තමන්ට රැකියා සහ වැටුප් අහිමි වී ආහාර පානද නොමැතිව සිටින අතර සෞඛ්‍ය වශයෙන්ද අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ පිළිබඳ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම ධීවරයින් පිළිබඳ නිසි තොරතුරු සොයා බලා අදාළ නිලධාරීන් හා සාකච්ඡා කර පියවර ගැනීමට ක්‍රියා කරන බවයි.

අදාළ ධීවරයින් පිරිස කල්පිටිය , කන්දකුලිය සහ තලවිල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මේ වසරේ ජනවාරි මස විසි වන දින බහුදින යාත්‍රා දෙකකින් සෝමාලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා .

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka
එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !
https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles