ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙත අය විය යුතු හිඟ මුදල මිලියන 7500 කට ආසන්නයි

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා හා කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (15) පස්වරුවේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවති බවයි.

එහිදී අදාල ව්‍යාපෘති පිළිබඳ මතුව ඇති ගැටලු හැකි ඉක්මනින් නිරාකරණය කර ගැනීමට ද තීරණය කර තිබෙනවා.

දේශීය හා විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙන අතර දේශීය හා විදේශීය අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක මහා, මධ්‍ය සහ සුළු පරිමාණ ජල ව්‍යාපෘති ගණන 2,337කි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල මෙන්ම ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව හා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තු පනත සම්මත කර ගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බවයි.

එමෙන්ම අප්‍රේල් මස වනවිට ගෘහස්ථ, වාණිජ ආයතන, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු සියලුම පාරිභෝගිකයින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය වෙත ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 7500 කට ආසන්න බව ද රැස්වීමේදී හෙළිවී තිබෙනවා.

POPULAR

Recent articles