සිලෝන් බිස්කට් නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

දේශීය සන්නාමයක් ජාත්‍යන්තරය කරා රැගෙන ගිය මෙරට විශිෂ්ඨ ව්‍යවසායකයකු මෙන්ම සිලෝන් බිස්කට් (මන්චි) සමාගමේ නිර්මාතෘවරයා සහ එහි හිටපු සභාපතිවරයා වූ මිනේක පී. වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවුණා.

1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ ඔහු වසර 48 ක කාලයක් එහි සභාපතිධූරය දැරූ අතර අනතුරුව 2015 වසරේදී පමණ එම තනතුරෙන් විශ්‍රාම ලබා එහි උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටියා.

එකල පාසැල් දරුවන්ට අධි ප්‍රෝටීන බිස්කට් ලබාදීම සඳහා ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදී තිබුණු යෝජනාව සමඟ සිලෝන් බිස්කට් සමාගම ආරම්භ කෙරුණු අතර මේ වනවිට මෙරට බිස්කට් වෙළඳපළින් 50% කට වැඩි කොටසක් එම සමාගම් සමූහය අත්පත් කරගෙන තිබෙනවා.

POPULAR

Recent articles