2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙටින් (28) ඇරඹේ

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හම්හිදී හෙට (28) ආරම්භ වීමට නියමිතයි.

22 වන වරට මෙවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට රටවල් 72කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත වනවා.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් ඊට එක් වන අතර මලල ක්‍රීඩා, බර ඉසිලීම, කාන්තා ක්‍රිකට්, රග්බි, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික් හා පිහිනුම් යන ක්‍රීඩා ද ඊට ඇතුළත් වනවා.

ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ කිහිපයක තරග පැවැත්වෙන අතර මේ වනවිට ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සත්කාරක එංගලන්තයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බර්මින්හම් විශ්වවිද්‍යාලය හා තවත් හෝටල් කිහිපයක් ක්‍රීඩා ගම්මානයට එක් කර ඇති අතර එංගලන්තය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දරන තුන්වැනි අවස්ථාව මෙයයි.

POPULAR

Recent articles