මෛත්‍රිපාල සිරිසේන ලෝක සාම සමුළුව වෙනුවෙන් දකුණු කොරියාවට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (10) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ සෝල් නුවරදී හෙට (11) ආරම්භ වන 2022 ලෝක සාම සමුළුවට සහභාගීවීම සඳහායි.

රටවල් 157 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවේ සාමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා වනවා.

හිටපු ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයකු වු බෑන් කී මූන් මහතාගේ හා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව යි.

2022 ලෝක සාම සමුළුව හෙටින් ආරම්භ වී දින 03 ක් පැවැත්වීමට නියමිත වනවා.

POPULAR

Recent articles