“පක්‍ෂයේ නීති දෙකක් තියෙන්න බෑ, නිමල්ට – අමරවීරට විනය පියවර ගන්නවා” – දයාසිරි ජයසේකර

පක්‍ෂය දැනුවත් නොකර වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූරගත් නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීරට එරෙහිව නිසි වෙලාවට පියවර ගන්නා බවත් පක්‍ෂයේ නීති දෙකක් තිබිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

පක්‍ෂය දැනුවත් නොකර තනතුරු ගත් ශාන්ත බණ්ඩාර හා සුරේන් රාඝවන්ට විරුද්ධව පක්‍ෂයක් හැටියට පියවර ගත්තනා නම් පක්‍ෂය දැනුවත් නොකර තනතුරු ගැනීම සම්බන්ධව එම දෙදෙනාට විරුද්ධව ද පියවර ගතයුතු බව කී දයාසිරි ජයසේකර එක පිරිසකට එක නීතියකුත් තව පිරිසකට තව නීතියකුත් තිබිය නොහැකි බව ද සඳහන් කරනවා.

ඔවුන් සම්බන්ධයෙන් පියවර ගෙන අවශ්‍ය කරන කටයුතු ඉතාම ඉක්මණින් කියන බවත් ජයසේකර වැඩි දුරටත් කියා සිටිනවා.

මරදානේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව පවසා තිබෙනවා.

POPULAR

Recent articles