එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු රටවල සහය බලාපොරොත්තුවෙයි

දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සිරිසේන අමරසේකර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකානු රටවල සහය අපේක්ෂා කර සිටිනවා.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා මානව හිමිකම් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ රාජ්‍ය නිලධාරීන් සහ දකුණු අප්‍රිකාව සඳහා අක්ත ගන්වන ලද රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කිහිපයක් ම පවත්වා තිබෙනවා. මෙහිදී, නැමීබියාවේ මහ කොමසාරිස් වෙයිකෝ කේ. ගිවේට් , සිම්බාබ්වේ හි මහ කොමසාරිස් ඩී. ඩී. හමාඩ්සිරීපි , මලාවි හි මහ කොමසාරිස් ස්ටෙලා සී. හවුයා ඩවූ සහ දකුණු අප්‍රිකාව සඳහා ස්විට්සර්ලන්ත කාර්යභාර නිලධාරී වෙරොනික් හෝලර් සමඟ සාකච්ඡා වල නිරත වී තිබෙනවා.

බාහිර පාර්ශ්ව ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයකට වඩා, දේශීය යාන්ත්‍රණයක් භාවිතයට ගනිමින් දේශීය, සමාජීය හා දේශපාලනික පරිසරය තුළ අභ්‍යන්තර ගැටුම් විසඳීමේ වැදගත්කම, මහ කොමසාරිස් අමරසේකර මෙම හමුවලදී අවධාරණය කර තිබෙනවා.
බාහිර පාර්ශ්වවල මැදිහත්වීම, ජනවාර්ගික අර්බුදය තවදුරටත් සංකීර්ණ කරන බව අමරසේකර මහතා එහිදී කියා සිටියා. මෙම ජාත්‍යන්තර පාර්ශ්ව ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාවගේ ගැටලු කෙරෙහි අවංක උනන්දුවක් දක්වන්නේ නම්, විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රජය දරන උත්සාහයට සහය විය යුතු බව, එතුමා සඳහන් කරනවා.

POPULAR

Recent articles