ඉදිරියේදී ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවය

මැයි මාසය අග වනවිට පවතින ගෑස් හිඟය තුරන් කිරීමට හැකි වෙතැයි වෙළෙද අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරන්නේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලිට්‍රෝ සමාගමට මෙන්ම ලාෆ්ස් සමාගමටත් අවශය මූල්‍ය පහසුකම් ලබා දෙන බවයි.

එමෙන්ම ඉන්දියානු රජයේ මැදිහත්වීම අනුව තවත් සැපයුම්කරුවන් කිහිපදෙනකු තෝරා ගැනීමටද කටයුතු සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ලෝක බැංකුවත් ඇමරිකානු ඩොලර් මිලියන 90 ක්ද ලබා ගැනීමට නියමිතයි.

එම මුදල ද ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් සතුව පවතින වෙළෙදපොළ ප්‍රමාණය අනුව බෙදාහරින බව අමාත්‍යවරයා පවසනවා.

ලිට්‍රෝ සමාගම පවසන්නේ ඉදිරියේදී නාගරික ප්‍රජාවට ප්‍රමුඛතාව දී ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි.

ඒ ගෑස් පාරිභෝගිකයින්ගෙන් 25% ක් නගරාසන්නව වෙසෙන ජනතාව වීම හේතුවෙනුයි.

මීට පෙර දෛනික ගෑස් සිලින්ඩර් 60,000 ක් වෙළෙදපොළට සැපයුවද ඉදිරියේදී එම සංඛ්‍යාව 30,000ක් දක්වා අඩු කිරීමට ද සිදුවන බව ලිට්‍රෝ සමාගම පෙන්වා දෙනවා.

මේ අතර ඊයේ (28) දින මෙරටට සේන්දු වූ ‍මෙට්‍රික් ටොන් 3900ක ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

POPULAR

Recent articles