”මේ තීරණාත්මක අවස්ථාවේ රටට අවශ්‍ය දූරදර්ශී නායකයෙක්” – චන්ද්‍රිකා කුමාරතුංග

මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් හා දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබපැතුම් එක්කරමින් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා.

ඇය පෙන්වා දෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන හා සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු බවයි.

ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන හා පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු බව සිය සටහන මඟින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles