”මැතිවරණයක් තිබුනොත් පොහොට්ටුවට මන්ත්‍රීවරුන් දහයක්වත් දිනාගන්න බෑ” – සුනිල් හඳුන්නෙත්ති

ඊළඟට පවත්වන මැතිවරණයකින් පොහොට්ටුවට පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දහ දෙනෙකුවත් දිනාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරනවා.

ඒ හේතුවෙන් ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණයකට යාමට බිය වී ආණ්ඩු බලය තව දුරටත් පවත්වාගෙන යාමට වෙනත් මාර්ග සොයමින් සිටින බවයි ඔහු කියන්නේ. ඇතිවී තිබෙන තත්ත්වය මත මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි හඳුන්නෙත්ති මහතා පවසන්නේ.

කෙටි කාලයක් තුළ ජනතාවට අත්‍යවශ්‍ය දෑ සැපයීමෙන් අනතුරුව මැතිවරණයකක් පැවැත්විය යුතු බව පවසන සුනිල් හඳුන්නෙත්ති මහතා අද වන විට ජනතාව ඡන්දයක් ඉල්ලා සිටින බවද සඳහන් කරනවා.

POPULAR

Recent articles