“ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබාදෙනවා” – චීනය

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා අඛණ්ඩව ඉදිරියටත් සහාය ලබාදෙන බව චීනය ප්‍රකාශ කර සිටිනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී එහි මාධ්‍ය ප්‍රකාශක සාඕ ලීජියෑං මේ බව සඳහන් කර සිටියා.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ඇති කරගත් දිනයේ සිට අන්‍යෝන්‍ය අවබෝධයෙන් එකිනෙකාට සහයෝගය ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකාව චීන විදේශ අමාත්‍යවරයාගෙන් සිදුකර ඇති ඉල්ලීම පිළිබදව එම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ උත්සහායෙන් සහ සහයෝගීතාවයෙන් රටේ පවතින තාවකාලික දුෂ්කරතා ඉක්මනින් ජයගනු ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියේ දී විශාල සංවර්ධනයක් අත්කරගනු ඇතැයි විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

POPULAR

Recent articles