IMF සහය ඉල්ලා ලිඛිත ඉල්ලීමක්

වර්තමාන මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් සහය ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටිනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවයි.

ඒ අනුව ඔවුන් විසින් මෙය විසඳා ගැනීමට උපදෙස් ලබාදෙනු ඇති බවත් ඒවා බාරගන්නාවද නැද්ද යන්න සම්බන්ධයෙන් පසුව තීරණය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles