ඩීසල් නැව් 2 ක් අද (02) හා හෙට (04) මෙරටට

ඩීසල් රැගත් තවත් නැව් 2 ක් අද (02) සහ හෙට (04) මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා පවසා ඇත්තේ ඒ අතරින් එක් නෞකාවක ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,000ක් ඇති බවයි.

අනෙක් නැවේ ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන ඒමට නියමිත බවයි ‍‍ලේකම්වරිය කියන්නේ.

අදාළ නැව් සඳහා ණයවර ලිපි විවෘත කිරිමට කටයුතු කරමින් සිටින බව ඇය පවසනවා. බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මෙරට සතුව මේ වන විට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිතයක් පවතින බවයි.

මෙම නැව් දෙකට අමතරව තවත් දැවි තෙල් තොග රැගත් නැව් දෙකක් ලබන 6 සහ 7 යන දිනයන්හි පැමිණිමට නියමිතව ඇතැයි, බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ. ඩි. ආර්. ඔල්ගා ප්‍රකාශ කරනවා.

එලෙසම මෙරටට ඉන්ධන රැගෙන ආ කිසිදු නෞකාවක් ප්‍රතික්ෂේප වි නැතැයිද බලශක්ති අමාත්‍යංශය පවසනවා. ලේකම්වරිය පැවසුවේ, මෙතෙක් මෙරටට ආනයනය කරන ලද සියලු ඉන්ධන නෞකාවල සාම්පල නිසි පරීක්ෂණ ක්‍රමවේදයන් යටතේ සමත් වී ඇති බවයි.

POPULAR

Recent articles