මාළිගා නැති වත්ත

මාළිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර ඇතිවූ තෙරපීම නිසා කාන්තාවන් තිදෙනෙක් මියායාමේ සිදුවීමෙන් පෙනී යන්නේ ඇඳිරිනීති කාලය තුළ මෙරට ජනතාව කෙතරම් ද්‍රරිද්‍රතාවයට පත්ව සිටිනවාද යන්න බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පවසනවා.

ඊයේ දිනයේදී මාළිගාවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ධනපතියෙකු විසින් සිදුකළ මුදල් ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර ඇතිවූ තෙරපීමක් නිසා මෙම කාන්තාවන් තිදෙනා මරණයට පත්වූ අතර සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් හත්දෙනෙකු ඇතුළු තවත් නව දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ සවස දෙකට පමණ අදාල ධනපතියාගේ නිවෙස අසළ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර එම ස්ථානයේ පුද්ගලයන් තුන්සීයකට වැඩි පිරිසක් එක්‍ රැස්වී සිටි බව පැවසෙනවා.

කෙසේවෙතත් කොළඹ නගරයට පනවා තිබූ ඇඳිරිනීතිය තත්වය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොතකමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවයි වාර්තා වන්නේ. මේ අතර පොලිසිය සඳහන් කරන්නේ මෙම ආධාර බෙදාදීමේ වැඩසටහන සඳහා පොලිසිය දැනුවත් කර අවසර පත්‍රයක් ලබාගැනීමටද අදාළ ධනපතියා කටයුතු කර නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එය සංවිධානය කළ ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස හතර වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. නිරෝධායන නීතියට අනුව මෙසේ බන්ධනාගාරගත කරන ලද පුද්ගලයන් පිරිස නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම අදහස් දැක්වූවා.

POPULAR

Recent articles