”ශ්‍රී ලංකාව බංකොලොත්” – රනිල් වික්‍රමසිංහ

වැ.බ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ පසුගිය ආණ්ඩුව මූල්‍ය අර්බුදය පිළිබඳ සත්‍ය කරුණු වසන් කරමින් සිටි බවයි.

“හිටපු නායක ගෝඨාභය රාජපක්ෂගේ රජය සත්‍යය ප්‍රකාශ කළේ නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් (bankrupt). ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි” ඔහු පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පළා ගිය දා සිට පසුව සිංගප්පූරුවට ගිය දා පටන් තමන් සමඟ කතා කළ බව කියන රනිල් වික්‍රමසිංහ පවසන්නේ අස්වූ ජනාධිපතිවරයා තවමත් සිටින්නේ සිංගප්පූරුවේද, නැතිනම් වෙනත් තැනකද යන්න තමන් නොදන්නා බවයි.

CNN සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පලකර තිබෙනවා.

POPULAR

Recent articles