ගහපු වතුර වලට සල්ලි ගෙවලත් නෑ

පසුගිය දිනවල පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල හා ජලාපවාහන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දක්වා ගෙවා නොමැති බව වාර්තා වෙනවා. විරෝධතා අතරතුර පොලිසිය විසින් විශාල ජල ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි කියන්නේ.

ඒ අතර පොලිස් ස්ථානවලින් පිට පළාත්වලින් කඳුළු ගෑස් කැනිස්ටර් කොළඹට ගෙන්වා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැවති විරෝධතා වලදී කඳුළු ගෑස් විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති බැවින් කොළඹ පොලිස් ස්ථානවල ඉතිරිව ඇත්තේ සීමිත කඳුළු ගෑස් ප්‍රමාණයක් පමණක් බවයි පැවසෙන්නේ.

POPULAR

Recent articles