”මම මරන්න අත්සන් කරන්නේ නෑ” – ජනපති

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සඳහා තමන් සිය අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දන්වා තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුගේ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගනු ලැබුවා. එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ විභාගයට ගනු ලැබුවා. අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේ මේ තීරණය පිළිබඳ අධිකරණයට දන්වා සිටින ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

POPULAR

Recent articles