ආචාර්ය නන්දලාල් වීරසිංහට අගමැතිගේ අත්සන

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර තිබෙනවා.

ඒ අවසන් මොහොත දක්වා එම නිර්දේශය ජනාධිපතිවරයා වෙත නොයවා සිටි තත්වයක යි. මහ බැංකු අධිපතිවරයාගේ නිල ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ අද (ජූනි 30) යි.

තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාර ගත්තේ මාස දෙකක කාලයක් සඳහා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ තවදුරටත් මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කිරීම සඳහා තමන් කැමැති බව අදාළ බලධාරීන්ට දන්වා ඇති බව යි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වගකීම් බාර ගත්තේ අප්‍රේල් මාසයේ දී යි. ඔහු මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කළේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් භාර ගන්නා ලද වසර හයක ධුර කාලය අවසන් මාස කීපය යි.

POPULAR

Recent articles