රුසියාවට එරෙහිව ගෙනා යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාව වැඩි ජන්ද 136කින් සම්මත වී තිබෙනවා.

මෙම යෝජනාවට පක්ෂව රටවල් 141ක් ඡන්දය දී ඇති අතර රටවල් 5ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වුවද රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයක් වනවා.

මෙම යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනු ලැබූ රටවල් 05 වුයේ බෙලරුස්, උතුරු කොරියාව, එර්ත්‍රියාව, සිරියාව හා රුසියාවයි.

යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් 35 අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්ථානය ඇතුළු ආසියානු රටවල් ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles