සතොසේ සහල් නරක් වෙයි

සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය සඳහන් කරන්නේ සහල් කිලෝ ග්‍රෑම් 150,000 පමණ තොගයක් මෙසේ විනාශ වීම හේතුවෙන් අලෙවි කිරීමට නොහැකි තත්වයකට පැමිණ ඇති බවයි. මෙම තොග දැනටමත් අනුරාධපුර කුරුණෑගල, වැලිසර සහ රත්මලාන යන ගබඩා සංකීර්ණ වල ගබඩා කර තිබෙන බවයි කියන්නේ.

මෙලෙස ආහාරයට ගත නොහැකි ලෙස නරක්වී ඇත්තේ නාඩු, සම්බා, කීරි සම්බා, සුපිරි සම්බා, බාස්මතී ආදී සහල් තොගයක් බවයි වාර්තා වන්නේ. මෙම හානිවීම පිළිබඳව විමසීමේදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරන්නේ ඇතැම් සහල් බහලුම් ආනයනය කිරීමේ දී ම ඒවාට හානි වී තිබූ බවයි.

POPULAR

Recent articles