Home Blog Page 134

“ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට ළඟා වීමට නියමිතයි” – ලිට්‍රෝ සමාගම

0

ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් පවසන්නේ හෙට (26) දිනයේ ගැස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

එම ගෑස් තොගය අනිද්දා (27) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, අනිද්දා දිනයේද ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

කෙසේ වුවද අඩු මිලට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් දෛනිකව සිය සමාගම රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් ලබන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

ලෝක මැලේරියා දිනය අදයි (25)

0

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.

වෛද්‍යවරු පවසන්නේ මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බවයි.

ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙන අතර ආසන්න වශයෙන් රටවල් 91ක තවමත් මැලේරියා රෝගය පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු අනුව 2015 වසරේ ලෝක ජනගහනයෙන් මිලියන 214කට මැලැඒරියාව වැළදී ඇති අතර ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව 429,000 ක් වනවා.

මැලේරියා රෝගීන් බහුතරයක් වාර්තා වන්නේ අප්‍රිකානු කලාපයෙනුයි.

2015 වසරේ වාර්තා අනුව මැලේරියා රෝගයෙන් සිදු වූ මරණ අතරින් වැඩියෙන් වාර්තා වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් වනවා. එය 306,000කි. සෑම මිනිත්තු දෙකකදීම මැලේරියාව නිසා අඩුම වශයෙන් එක් ළමා මරණයක් සිදුවන බවට වාර්තා වී තිබෙනවා.

දකුණු හා නැඟෙනහිර ආසියානු කලපයේ රටවල් 10ක බිලියන 1.4ක ජනගහනයක් මැලේරියාව වැළදීමේ අවදානමක් සහිතව ජීවත් වෙති.සාර්ක් කලාපයේ රටවල් අතරින් ශ්‍රි ලංකාව සහ මාලදිවයින පමණක් මැලේරියාව රටෙන් තුරන් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධනය මඟින් 2016 සැප්තැම්බර් 06 දින දකුණු හා නැඟෙනහිර ආසියාතික කලාපීය සමුළුවේ 69 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස සහතික කරනු ලැබුවා.

මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ යළි මැලේරියාව හිස එසවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (25) දිනයේත් ක්‍රියාත්මක බව ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ 2013 වසරේ සිට මෙම වසරේ ඊයේ (24) දිනය දක්වා මැලේරියා රෝගීන් 447 ක් මෙරටින් වාර්තා වී ඇති බවයි.

ඔවුන් සියලුම දෙනා මැලේරියාව පවතින රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ඔහු සඳහන් කරනවා.

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේ, මැලේරියා රෝගීන්ට සහ මැලේරියාව පවතින රටවල් සදහා පිටත්වන පුද්ගලයින් සඳහා සැපයෙන ඹෟෂධ 2024 වසර දක්වා මෙරට සතුව පවතින බවයි.

මැලේරියා පවතින රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් වසරක් යන තෙක් උණ රෝග ලක්ෂණ ඇති වුවහොත්, නොමිලේ රැධිරය පරීක්ෂා කර ගැනීමට යොමුවන ලෙස ද ඔහු පවසනවා.

“අන්තර්වාර පාලනයකට ජනපති කැමතියි” – මැදගම ධම්මානන්ද හිමි

0

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බවයි.

එසේම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසඳා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා විසින් මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.

එසේම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර එම කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මහනාහිමිවරුන්ට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වූ බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

“දේශපාලන, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබෙනවා” – ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය

0

ශ්‍රී ලංකාවේ බරපතල මූල්‍ය අපරාධ හා මිනිස් ඝාතන සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලකයන්, නිලධාරීන් හෝ ආගමික නායකයන් ඇතුළු පිරිස් දේශපාලන බලපෑම් මත නිදොස් කොට නිදහස් කර ඇති බවත් ඔවුන් ජනතා නැගිටීම් හමුවේ රටින් පිටවී විදේශ ගතවීමට සුදානම් වුවත් රටින් පිටවුවද ඔවුන්ට නීතියේ රැහැනින් ගැලවී පැනයාමට ඉඩ නොලැබෙන බවයි කියන්නේ. එලෙස රටින් පලා ගියත් ඔවුන්ට එරෙහිව නීතිය තුළ කළ හැකි සියල්ල කරමින් සිටින බව “ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අපරාධ අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානය (Global Center For Monitoring Political and Economic Crimes in Sri Lanka)” බන් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් වැඩිදුරටත් පවසා සිටින්නේ කුමන හෝ අපරාධයකට සම්බන්ධ දේශපාලන බලපෑම හෝ අනීතිකව කටයුතු කරමින් සිට විදේශ ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල නීතිය අනුව දඬුවම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

“ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිඳලීමේ කාර්යය දේශපාලනීකරණය වීම නිසා රටේ මහජන මුදල් දැඩි ලෙස අවභාවිතය වී ඇත. රටේ මුල්‍ය වටිනාකමට වඩා සිවු ගුණයක් ණය බරින් පෙළන්නේ විදේශ වලින් ගත් ණය පවා වංචා කර ඇති බැවිණි. රාජ්‍ය බලය බාවිතා කරමින් මහජන මුදල් වංචා කළ දේශපාලනයේ මෙතෙක් යෙදුණු පිරිස් ණය මුදල්ද අවභාවිතය කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අවගමනයට රාජ්‍ය මුදල් හා ණය වංචාව ප්‍රධාන හේතුව වී ඇත. මේ මුල්‍ය අපරාධ වලට දේශපාලනිකව නඩු පැවරීම් සිදුවුවද ආණ්ඩු මාරු වීමේදී අධිකරණයට හා පරීක්ෂණ ආයතන වලට කරන ලද දේශපාලන බලපෑම් මත වගකිව යුත්තන් නිදොස් කොට නිදහස් වීමේ ප්‍රවණතාවය වැඩිය.

මේ පුද්ගලයන් තමන් වංචා කළ දේපල විදේශයන්හි ආයෝජනයන් කර ජනතා නැගිටීම් හමුවේ එම රටවලට පැන යාමට සුදානම් ව සිටිති. ඒ අතර ඔවුනට හිතවත් ව්‍යාපාරිකයන්ද මේ සියළු වංචාවන්ට සම්බන්ධ අතර මේ වන තෙක් වගකීමෙන් මිදී සිටිති.

මේ මොහොතේ දේශපාලන හා මුල්‍ය අපරාධ වලට අමතරව දශක ගණනක් තිස්සේ ලංකාවේ සිදුවන මානව හිමිකම් කඩකිරීම් සහ අධිකරණයට පරිබාහිරව සිදුවන මරාදැමීම් සම්බන්ධව අපගේ අවධානය යොමුව තිබේ. නිරායුධ ජනතාවට ආසන්නයේදීම සිදුවූ අයුතු හා නීත්‍යානුකුල නොවන බලය යෙදවීම අප විසින් දැඩිව හෙලා දකින අතර එහිදී සිදුව ඇති මරණයන් සම්බන්ධයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටිමු.

දරුණු සමුහ ඝාතන, මිනීමැරුම් ඇතුළු විශාල අපරාධ රාශියකට සම්බන්ධ දේශපාලඥයන්, නිලධාරීන්, ආගමික නායකයන් යයි කියාගන්නා අය මෙන්ම ව්‍යාපාරිකයෝද ද සිටිති. එමෙන්ම වගකීම පැහැරහැරීම හා නොසැලකිල්ල නිසා විශාල අපරාධ සංඛ්‍යාවක් සිදුවී ඇතත් ඒවාට වගකිව යුතු පිරිස් තවමත් නිදල්ලේය. දැනට පවතින ජනතා නැගිටීම් හමුවේ මේ පිරිස් රටින් පලාගොස් සුරක්ෂිත ව ජීවත්වීමට උත්සාහ දරති. එසේම නීතියේ රැහැනින් මිදීමට සැලසුම් කරති.

අපරාධ වලට වගකිව යුතු සැකකරුවන් හා දේශපාලන බලපෑම් මත අනීතිකව නිදොස්කොට නිදහස් වූ පිරිස හා බරපතල අපරාධ සිදුකරමින් ජනාධිපති සමාවන් ලැබූ පුද්ගලයන් ද ජාත්‍යන්තරයේදී ඒ ඒ රටවල නීතීය අනුව හා ජාත්‍යන්තර නීතීය අනුව වගවීම ට ලක්කිරීම උදෙසා මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම මෙහෙයුම ඒ ඒ රාජ්‍යන්, යුරෝපා සංගමය හා අප්‍රිකානු සංගමය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්, සෞදි අරාබියාව ඔස්ට්‍රේලියාව ද ඇතුළුව ලෝකයේ එක්සත් ජාතීන් හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන ද සමග එක්ව ක්‍රියාත්මක මෙහෙයුමකි.

මෙම මෙහයුම සාර්ථක කරගැනීම ඉහත කී මුල්‍ය, දේශපාලනික මෙන්ම වෙනත් අපරාධ වලට සම්බන්ධ තොරතුරු විද්‍යුත් තැපෑල මගින් ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. එම තොරතුරු වල සත්‍යතාවයන් නීතිඥවරුන් ලවා සහතික කරවා ගනිමෙන් පසු ක්‍රියාත්මක වනු ඇත.

වසර 74 ක් තිස්සේ යුක්තිය පසිඳලීම ට නොහැකි වූ දේශපාලන, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත. ඒ වෙනුවෙන් විදේශයන්හි සිට ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි අධ්‍යාපනය ලැබූ වෘත්තියවේදීන් කණ්ඩායමකි” යි නිවේදනයක් නිකුත් කරමින් ජර්මනිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ දේශපාලන,ආර්ථික අධීක්ෂණය සහ වැළක්වීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසනවා.

“113 ක් නොලැබුණහොත් ඉල්ලා අස්වෙනවා” – අගමැති

0

තමාගේ අගමැති ධුරය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ගේ අත්සන් නොලැබුණහොත් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනබව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මිට පෙර පැවසුයේ, පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්නුවහොත් පමණක් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව වන බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධුරයේ තබාගන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් නෙලුම් මාවත, පොහොට්ටු මුලස්ථානයේදී නැකත් වේලාවන් අනුව ආරම්භ කළ අත්සන් මෙහෙයුමට ඊයේ (23) දිනය අවසන් වන විටත් අත්සන් කර ඇත්තේ 50කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් බවයි වාර්තා වෙන්නේ.

මේවනතෙක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහය දක්වමින් අත්සන් ලබාගන්නා මෙම ලේඛනයට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අත්සන්කර නොමැති බවයි කියන්නේ.

මේ තීරණාත්මක අවස්ථාවේදී ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව චමල් රාජපක්ෂගේද අදහස වී ඇතැයි පැවසෙන්නේ. රාජපක්ෂ පවුලේ වැඩිමලා වන ඔහුගේ අදහසට පවුලේ සියලුදෙනාම පාහේ එකඟවී ඇතත්, ඊට එරෙහි වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ පමණක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර 3 වන තැනට

ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

මහාචාර්ය ස්ටීව් හැන්කි පෙන්වා දෙන්නේ අදාළ වාර්තාවට අනුව 17.50% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 119% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවයි.

ගුරු හා විදුහල්පතිවරු අද (25) සංකේත වැඩවර්ජනයක

0

ගුරු හා විදුහල්පති සංගම් අද(25) දිනයේදී දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට විරෝධය පල කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මෙම එක්දින සංකේත වැඩවර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගී වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද (25)

0

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද පස්වරු 5.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ යෝජනාව අද (25) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතවවනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, අතවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා එලෙස ඉදිරිපත් කිරීමට නියමිතයි.

විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය නෑ

0

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය නොදීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට තිබෙනවා.

වත්මන් ආණ්ඩුව ගත් සියලු තීන්දු තීරණවලට ඔවුන්ද සම්පූර්ණයෙන්ම වගකිව යුතු වීම ඊට හේතු වී ඇති බව වාර්තා වෙන්නේ.

විශේෂයෙන්ම රට මේ තත්ත්වයට පත්වීමට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ම වගකිව යුතු බව දෙමළ සන්ධානයේ ස්ථාවරය වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට ගෙන එන කිසිදු සංශෝධනයකට සහාය නොදැක්වීමට එම සන්ධානය තීරණය කිරීමට එයද එක් හේතුවක් බවයි කියන්නේ.

දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දීමට යි.

ලිට්‍රෝ ගෑස් මිල යළිත් ඉහළට

0

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175 ක් දක්වා ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසනවා.