“ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට ළඟා වීමට නියමිතයි” – ලිට්‍රෝ සමාගම

ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් පවසන්නේ හෙට (26) දිනයේ ගැස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

එම ගෑස් තොගය අනිද්දා (27) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, අනිද්දා දිනයේද ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බවයි.

කෙසේ වුවද අඩු මිලට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් දෛනිකව සිය සමාගම රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් ලබන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

POPULAR

Recent articles