විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය නෑ

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට සහාය නොදීමට දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට තිබෙනවා.

වත්මන් ආණ්ඩුව ගත් සියලු තීන්දු තීරණවලට ඔවුන්ද සම්පූර්ණයෙන්ම වගකිව යුතු වීම ඊට හේතු වී ඇති බව වාර්තා වෙන්නේ.

විශේෂයෙන්ම රට මේ තත්ත්වයට පත්වීමට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ම වගකිව යුතු බව දෙමළ සන්ධානයේ ස්ථාවරය වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට ගෙන එන කිසිදු සංශෝධනයකට සහාය නොදැක්වීමට එම සන්ධානය තීරණය කිරීමට එයද එක් හේතුවක් බවයි කියන්නේ.

දෙමළ ජාතික සන්ධානය තීන්දු කොට ඇත්තේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දීමට යි.

POPULAR

Recent articles