“113 ක් නොලැබුණහොත් ඉල්ලා අස්වෙනවා” – අගමැති

තමාගේ අගමැති ධුරය සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ගේ අත්සන් නොලැබුණහොත් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වනබව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මිට පෙර පැවසුයේ, පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්නුවහොත් පමණක් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව වන බවයි.

අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් අගමැති ධුරයේ තබාගන්න යැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් නෙලුම් මාවත, පොහොට්ටු මුලස්ථානයේදී නැකත් වේලාවන් අනුව ආරම්භ කළ අත්සන් මෙහෙයුමට ඊයේ (23) දිනය අවසන් වන විටත් අත්සන් කර ඇත්තේ 50කට ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් බවයි වාර්තා වෙන්නේ.

මේවනතෙක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහය දක්වමින් අත්සන් ලබාගන්නා මෙම ලේඛනයට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අත්සන්කර නොමැති බවයි කියන්නේ.

මේ තීරණාත්මක අවස්ථාවේදී ජනාධිපතිවරයාට සිය අභිමතය අනුව කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා දී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව චමල් රාජපක්ෂගේද අදහස වී ඇතැයි පැවසෙන්නේ. රාජපක්ෂ පවුලේ වැඩිමලා වන ඔහුගේ අදහසට පවුලේ සියලුදෙනාම පාහේ එකඟවී ඇතත්, ඊට එරෙහි වී ඇත්තේ බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ පමණක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

POPULAR

Recent articles