Home Blog Page 133

“අර්බුදයට ඇති විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමයි” – Daily Mirror පාඨකයින් කියයි

0

මෙරට ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් වන Daily Mirror සිය පාඨකයන් අතර මත විමසුමක් කර තිබෙනවා.

එම මත විමසුම ප්‍රධාන කරුණු තුනක් මතයි සිදු කළේ.

මෙම මත විමසුමේදී පාඨකයන්ගෙන් අසනු ලැබ තිබුණේ ‘රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම කුමක්ද’ යන්නයි.

මත විමසුමේ තෝරා ගැනීම් අතර වූ ‘අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම’ යන්න 11.8%ක් තෝරා ගනු ලැබ තිබෙනවා.

‘සෙසු දේශපාලන පක්ෂ ආණ්ඩුවට සහය දැක්විය යුතුය’ යන්නට කැමැත්ත පළ කර ඇත්තේ 6.5%ක පිරිසක්. 3.1% ප්‍රමාණයක් පිළිතුර නොදන්නා බව කියා තිබුණා.

එහි 78.6%ක්ම රටේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බවයි කියා තිබුණේ.

සිමෙන්ති මිල රුපියල් 500 කින් ඉහළට

0

සිමෙන්ති සමාගම් විසින් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල යලිත් ඉහල දමා තිබෙනවා. ඒ රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින්.

මේ මිල ඉහල දැමීම අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ. ආසන්න කාලය තුළ දෙවරක්ම මෙලෙස සිමෙන්ති මිල ඉහල යාම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට දරුණු අන්දමින් බලපාන බවයි ඉඳිකිරීම් සේවා සපයන්නන් පවසන්නේ.

සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

0

සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ආ යෝජනාවට ඊයේ (25) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබූ බවයි නිවේදනය සඳහන් කරන්නේ.

අලුතින් පත් කළ කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

බලාත්මක කරන බව කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක කිරීමට යෝජිත නව සශෝධන මොනවාදැයි එම නිවේදනයේ සඳහන් වන්නේ නැහැ.

ආර්ථික අර්බුදය ජයගන්න මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත වනවා.

පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01හිදී පැවැත්වෙන මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසිනුයි.

මෙම වැඩමුළුවේ ප්‍රධාන සම්පත් දායක ලෙස සම්බන්ධවන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ වන අතර ඔහු රටවල් 36 ක ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් සම්බන්ධව විශේෂඥයකු ලෙස කටයුතු කරනු ලබනවා.

එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයකු ලෙසද කටයුතු කර තිබෙනවා.

මෙම විශේෂ වැඩසටහන සඳහා සහභාගී වන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

“ජනාධිපති හා අගමැති වහාම තනතුරුවලින් ඉවත් විය යුතුයි” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

0

ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරු වෙතින් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංගමයේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම මත මෙම තීන්දුව ගත් බවයි ඔහු කියන්නේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කරගත් බව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු පවසනවා.

“විශ්වාසභංගයේ සහයට මන්ත්‍රීවරු 120ක් ඉන්නවා” – උදය ගම්මන්පිල

0

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. “දැන් විශ්වාසභංගයට සහය දෙන මන්ත්‍රීවරු 120ක් ඉන්නවා, ආණ්ඩුව ඉවත් නොවුණොත් විශ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට බාර දෙනවා” යි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියනවා.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව සිටිනු ඇතැයි ගම්මන්පිල මන්ත‍්‍රීවයා කියන මන්ත්‍රීවරුන් වන්නේ දැනටමත් විපක්ෂය නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් 65 දෙනා (ඔහු කියන්නේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය), ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරු 39 දෙනා, ජනාධිපතිවරයාට ලිපියක් යැවූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනා, පසුගිය සතියේ ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් 03 දෙනා සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරු වන වන ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් සහ නාලක ගොඩහේවා යි.

“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ මහින්ද මහත්තයට අගමැති වෙන්න නෙමෙයි” – දයාසිරි ජයසේකර

0

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ මේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්, පොහොට්ටුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ මහින්ද මහත්තයට අගමැති වෙන්න නෙමෙයි. එහෙම නම් සර්ව පාක්ෂික ආණ්ඩු ඕන නෑ. එතුමට අගමැති විදිහටම ඉන්න පුළුවන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ රාජපක්ෂලා නැතිව මේ රටේ තියන ප්‍රශ්න ටික විසඳන්න. ගෝඨාභය රාජපක්ෂට එකපාරට ජනාධිපති කමින් ඉවත් කරන්න බැරි නිසයි අපි මේ යෝජනාව ගෙනාවෙ.

මේ රටේ පාරට බැහැලා අරගල කරන තරුණයින්ගෙ ඉල්ලීම් කීපයක් තියනවා. එකක් ‘ගෝඨා ගෝ හෝම්, ‘රාජපක්ෂස් ගෝ හෝම්’ මේක තාමත් තේරුම් නොගන්න එක ඛේදවාචකයක්. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න අපි උත්සාහ කරනකොට ඒකට විසඳුමක් හොයාගන්න බැරිනම්, ඒ අයගෙ බලය තියාගන්න ඕන කියලා හිතනවා නම් ඔහොම කරගෙන යන්න. මිනිස්සු තීරණයක් ගනීවි. අගමැතිවරයා හදන්නෙ මේ රට ලේ විලක් කරන්න
හැබැයි එතුමා දන්නෙ නාතුව ඇති අපිට තව විකල්ප තියනවා. තව වැඩ පිළිවෙළ රාශියක් තියනවා. මේ වෙලාවෙ ඒක කියන්නෙ නෑ. බලන් ඉන්න” යි මන්ත්‍රීවරයා පවසනවා.

කබ්රාල්ට තවත් විදෙස් ගමන් තහනමක්

0

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකළේ, යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල්ට ජුනි මස 7 වනදා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් සිතාසිද නිකුත් කර ඇති බව වාර්තා වනවා.

තවත් ලාංකිකයින් 15 දෙනෙකු ඉන්දියාවට

0

තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස පැමිණි පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

කෙසේ වුවද මේ වනවිට ඔවුන් කඳවුරුගත කිරීමට ඉන්දීය බලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.

මෙරට පවතින වත්මන් ආර්ථික තත්වය මත පසුගිය මාස දෙකක කාලය තුළ 50කට ආසන්න පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

ලංකා කම්කරු කොංග්‍රසය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කරයි

0

විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.

එම පක්ෂයේ නායක ජීවන් තොන්ඩමාන් Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුව මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් වන තීරණය ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් වෙත මේ වන විටත් දැනුම් දී ඇති බව කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමාන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.