භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට දැනුම්දීමක්

මෙරට භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබෙනවා.

කෙසේ නමුත් එහිදී ශ්‍රී ලංකාව සඳහන් කර තිබෙන්නේ ගෝලීය වසංගතයේ බලපෑමත් සමග විදේශ විනිමය හිඟය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තාවකාලික තහනමක් පැනවීමට පියවර ගත් බවයි.

යුරෝපා සංගමයේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර පසුගියදා පැවැති ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමකදී එම ඉල්ලීම සිදුකර තිබෙනවා.

POPULAR

Recent articles